27 April 2024
#සංවර්ධන

කෑගල්ල රෝහලටත් ඩිජිටල් පහසුකම් ලබා දෙයි 

ඩිජිටල් තාක්ෂනය යොදාගනිමින් රජයේ රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (HHIMS)මගින් කෑගල්ල දිසා රෝහල ඩිජිටල්ජිකරණය කිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදුවිය.

මෙම වැඩපිළිවල යටතේ මේවනවිට රජයේ රෝහල් 47 ක් ඩිජිටල් කරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශ යේ සහයෝගයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කරයි.

බාහිර රෝගී ප්‍රතිකාර සේවා ලබාගැනීමට පැමිණෙන්නන්ට පරිගණකගත ලියාපදිංචි යකින් පසු ලැබෙන QR කේතය භාවිතා කරමින් තමන්ටම අවශ්‍ය ප්‍රතිකාර ,පර්යේෂණ , ඖෂද ලබාගැනීමට හැකිවන අතර නැවත පැමිණීමේදී එම QR කේතයම භාවිතාකර අවශ්‍ය සේවාලබා ගැනීමට හැකිවේ.

වෛද්‍යවරයාටද රෝග ඉතිහාසය ලබාදුන් ප්‍රතිකාර බලාගත හැකි අතර සේවා කළමනාකරණයට අදාළ පහසුකම් රැසක් මෙමගින් සැපයේ .

මෙම සේවය කෑගල්ල රෝහල ට හදුන්වාදීමෙන් වාර්ෂිකව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන 250,000පමණ පිරිසකට සෙත සැලසේ .දිනපතා සේවා ලබාගන්නා බාහිර රෝගීන්ගේ ප්‍රමාණය 800 ත් 900 ත් අතරවේ.

මෙම සේවාව දියත් කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය තොරතුරු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිළධාරී කාංචන තුඩුගල , වැඩසටහන් කළමනාකාර මහීස දයානන්ද, ව්‍යාපෘති නිලධාරි ඕෂද තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහබාගිවුහ .

Leave a comment

Your email address will not be published. Required fields are marked *