ජාතික සංහිඳියාව ගොඩනැගීම, ඉදිරි පළාත් සභා මැතිවරණ සැලසුම් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාක්-අන්ද්‍රේ ෆ්‍රාන්ච් (Marc-André Franche) මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම හමුව පිළිබඳව සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා සඳහන් කර ඇත්තේ, දෙපාර්ශවය අතර පැවැති මෙම සාකච්ඡාවේදී ජාතික අභිලාෂයන් හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වූ බවයි. එමෙන්ම ඉදිරි සහයෝගිතා චක්‍රය තුළදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බව ඒ මහතා අවධාරණය කර ඇත. මෙය වත්මන් රජයේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ සහ සංවර්ධන මාවත කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තබා ඇති ඉහළ විශ්වාසය මෙන්ම පූර්ණ සහයෝගය මනාව පැහැදිලි කරන්නකි.














