27 April 2024
#දේශීය

TNA අතර කිසිදු ගිවිසුමක් නෑ – එජාපය කියයි

ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කරලීම වෙනුවෙන්, ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව අප මාතෘභූමියේ සකල විධ බලවේග දියත් කර ඇති අනවරස අරගලය හමුවේ වියරු වැටුණු කණ්ඩායමක් විසින් එක්සත් ජාතික පක්‍ෂය හා ද්‍රවිඩ ජාතික සංධානය අතර අත්සන් කෙරුණු ගිවසුමක ආකාරයට කූඨ ලේඛනයක් සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි කිසිදු ගිවිසුමකට අප දෙපාර්ශ්වය විසින් එළැඹ නොමැති බවයි.

එසේ වී තිබියදී පක්‍ෂ නායකයන්ගේ අත්සන් ද ව්‍යාජ ලෙස යොදමින් මෙවැනි කුඨ ලේඛන සැකසීම හා ඒවා මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරයට පත් කිරීමට කටයුතු කිරීම නීතිය පමණක් නොව සදාචාරත්වය ද උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දැනටමත් එජාප වෙනුවෙන් එස්. එම් මරික්කාර් මන්ත්‍රීතුමන් පොලිස් මූලස්ථානය පැමිණිලි කර ඇති අතර, මේ පිළිබඳ අසත්‍ය ප්‍රචාර හා ප්‍රකාශ වලට සම්බන්ධ සියළු පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීමට ද කටයුතු කරන බව එජාපය නිකුත් කළ නිවේදනයෙ සඳහන් කර තිබේ.

එසේම ජාතිවාදය පතුරුවමින් හා අවුලූවමින් බලය රැක ගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලකාමීන් ගෙනයනු ලබන මේ නීච ව්‍යයායමයන්ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙස සියළු දේශප්‍රේමී ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *