“දුම්කොළවලින් නිදහස් පරපුරක්” (Tobacco-Free Generation) ප්රතිපත්තිය කඩිනමින් නීතියක් බවට පත් කරන ලෙස ඉල්ලා දිවයිනේ දිස්ත්රික්ක 25ම නියෝජනය කරමින් තරුණ තරුණියෝ 2026 ඔක්තෝබර් 12 වැනිදා කොළඹදී එක්රැස් වූහ.
Youth Action Network Sri Lanka (YAN Sri Lanka) විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ මෙරට අනාගත පරපුර දුම්කොළ භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තරුණ හඬ ශක්තිමත් කිරීමයි.
මෙහිදී “දුම්කොළවලින් නිදහස් පරපුරක්” ප්රතිපත්තිය කඩිනමින් සම්මත කර නීතියක් බවට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
2024 වසරේදී ශ්රී ලංකා වෛද්ය සංගමය විසින් මෙම ප්රතිපත්තිය මෙරටට හඳුන්වා දෙන ලෙස සෞඛ්ය අමාත්යවරයාගෙන් ඉල්ලා තිබුණි. යෝජිත ප්රතිපත්තිය අනුව, 2010 වසරේදී හෝ ඉන් පසුව උපත ලැබූ පුද්ගලයන්ට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීම අපේක්ෂා කෙරේ.
මෙම යෝජනාව 2025 වසරේදී යළිත් ඉදිරිපත් කර ඇති අතර, 2026 අප්රේල් මාසයේදී දුම්කොළ හා මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ද සෞඛ්ය අමාත්යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
තරුණ පරපුර දුම්කොළ කර්මාන්තයේ බලපෑම්වලින් ආරක්ෂා කර ගැනීම සහ සෞඛ්ය සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීම සඳහා අවශ්ය ප්රතිපත්තිමය හා නීතිමය වෙනස්කම් සිදු කරන ලෙස මෙම වැඩසටහන හරහා අවධාරණය කර ඇත.














