27 April 2024
#දේශීය

බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා ජනතාවට විශිෂ්ඨ සේවාවක් කිරීමට බැදී සිටිනවා – දිසාපති තේජානි

කොව්ඩ් සමයේ ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය ‍හා පෞද්ගලික සේවකයාගේ රැකියා අවධානමකට ලක් වුවත් අපේ රටේ රාජ්‍ය සේවකයාට කිසිදු අඩුවක් නොමැතිව වැටුප් ලබා දිමට රජය කටයුතු කළ බවත් එබැවින් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා ජනතාවට විශිෂ්ඨ සේවාවක් සිදු කිරීම බැදී සිටින බැවින් ඒ සඳහා කැපවී කටයුතු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තේජානී තිලකරත්න මහත්මිය පැවසූවාය.

තමාගෙන් සේවය අපේක්ෂාවෙන් පැමිණෙන මහජනතාවට ගෞරවනීය ලෙස අමාන්ත්‍රණය කරමින් ඔවුන්ගේ සේවාවන් කඩිනමින් ඉටු කර දීමට සියලුම රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කිසිදු ‍භේදයකින් තොරව කණ්ඩායමක් ක්‍රියා කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නීය.

දිසාපතිවරිය මේ අදහස් පළ කලේ 2022 නව වසරේ රාජකාරි අරම්භ කිරීම සදහා පැවති කෙටි උත්සවයක් අමතමිනි. දිසාලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලේ කිරී ඉතිරවීමෙන් ආරම්භ කළ මේ වැඩසටහනේ දී උදෑසන සෙත් පිරිත් සජ්ජායනනය ශ්‍යාමෝපාලී වංශික මහනිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගොල්ලේ සිලරතනාහිධාන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ලදි.

ජාතික දජය එසවීමෙන් අනතුරුව පැවැත්වූ කෙටි උත්සව සභාව අමාතා වැඩිදුරටත් කතා කළ මහදිසාපතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය සේවයේ සෑම නිලධාරියෙකුම එකසේ වැදගත් වන බවත් සෑම නිළධාරියෙකුගේම සේවාවන් මෙන්ම හැකියාවන් එකට එකතු කිරීමෙන් දිස්ත්‍රික්යේ කඩිනම් සංවර්ධනය සඳහා වැඩසටහන් දියත් කළ යුතු බවත් ය.

ඒ සදහා තමා ගෙන යන වැඩ සටහන් සඳහා සියලු දෙනාගේම දායකත්වය අපේක්ෂා කර බව ද පැවසූ දිසාපතිවරිය සෑම නිලධාරීයෙකු සතුටින් වැඩ කරනු දැකීම තමා අපේක්ෂාව බව ද පැවසූවාය.

මේ අවස්ථාවට මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතාලක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චමිලා අතපත්තු, සහකාරි දිස්ත්‍රික් ලේකම් සම්මානී විජේසූරිය ඇතුලු මහත්ම මහත්මීන් ප්‍රමුඛ දිසා ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *