• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අස්ථාවර දේශපාලනය නිසා රට අද ගොදුරු බිමක් වෙලා – විපක්ෂනායක සජිත්

13 August 2022
in දේශීය

අද වන විට රට තුළ පවත්නා ස්ථාවරත්වයත්, බංකොලොත් බවත් හේතු කොටගෙන බලවත් රටවල ගොදුරු බිමක් බවට ලංකාව පත් ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (13) හෝමාගම ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි. හෝමාගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා විසින් එය සංවිධානය කොට තිබුණි.

එහිදි විපක්ෂනායකවරයා පවසා සිටියේ ජාතික ආරක්ෂාව පවා අර්බුදයකට ලක්ව ඇති හෙතෙම රාජපක්ෂලා විසින් මේ රටේ කොඳු නාරටිය කඩා දැමූ බවද පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී “සමගි මාවත” වෙනුවට “වැරදි මාවත” තෝරා ගැනීමේ ඛේදවාචකයට අද රට මුහුණ දී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මේ රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවද අවධාරණය කළේය.

වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම ව්‍යවස්ථානුකූලව නිවැරදි වුවත්, පිළිගැනීම අතින් සහ ජනමතය අතින් එය සහමුලින්ම විකෘතියක් බව ද ඔහු කියා සිටියේය.

අතීතයට වඩා වර්තමානය සහමුලින්ම වෙනස් බව පැවසූ ප්‍රේමදාස මහතා එදා බොහෝ විට දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවය හිමි වුණේ වැඩිහිටියන්ට වුවත් අද වන විට තරුණ පරපුර නිවස තුළ පවා එය හිමි කරගෙන ඇතැයිද පැවසීය.මැතිවරණයකදී තීන්දු තීරණ ගැනීම පිළිබඳ නිවස තුල බලපෑම් කරනු ලබන්නේ තරුණ ප්‍රජාවගේ සිතුම් පැතුම් මගින් බව පැවසූ ඒ් මහතා ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කොට ගැනීම පාලකයින්ගේ වගකීමක් බවද පැවසීය.

තමන්ගේ අත්වල ලේ තැවරී නැති බවත්,තමන්ගෙ පොත් වල බැංකු කැඩූ සල්ලි නැති බවත්,තමන් තුළ කුහකකම නැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කණ්ඩායමක් ලෙස එකට එක්වී රට ගොඩ නඟන අභියෝගය භාරගන්නා බව ද පැවසීය.

Post Views: 33
Previous Post

එළැඹෙන සතියේ දින පහේම පාසල් පැවැත්වේ – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

ප්‍රථමාධාර වැඩසටහනක් මාතලේ දි

editor

editor

Next Post

ප්‍රථමාධාර වැඩසටහනක් මාතලේ දි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved