27 April 2024
#දේශීය

අද රටම සෝදාපාලු වෙලා – විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරණයේදී දැවැන්ත ජනවරමක් ලබා දී විපක්ෂ සෝදාපාලු කළත් අද සිදුවී ඇත්තේ රටම සෝදාපාලු වීමයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ යාපහුව ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමිනි.

සර්ව පාක්ෂික ආණ්ඩුව යනු අලුත්ම ප්‍රෝඩාව බව කී විපක්ෂ නායකවරයා එසේ කියන ආණ්ඩුව සජබට සහය දුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව පැවසිය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ තනතුරු බෙදා ගැනීම නොවන බව කී හෙතෙම කිසිසේත්ම හොරු සමග ඇමතිකම් නොගන්නා බවද කියා සිටියේය.

නමුත් රට වෙනුවෙන් යහපත් දේ කරන අවස්ථාවලදී ආණ්ඩුවට සහය දෙන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

පොල්තෙල්, සීනි, සුදුලූනු, වංචාවන් මෙන්ම අසූචි නැවට මුදල් ගෙවූ මගඩිද වහා හෙලිදරව් කළ යුතු බව කී විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ආණ්ඩුවට සහය දෙන බව වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *