ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධානය කරන ලද 2026 ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන (SSA) උළෙලේදී ටෝකියෝ සිමෙන්ති සමූහයේ Ready-Mix කොන්ක්‍රීට් ව්‍යාපාරික ඒකකය වන “ටෝකියෝ සුපර්මික්ස්” (Tokyo Supermix) ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ කීර්තිමත් සම්මාන දිනා ගැනීමට සමත්ව තිබේ. රටේ ඉදිකිරීම් කර්මාන්තය තුළ පරිසර හිතකාමී සහ තිරසාර හරිත ද්‍රව්‍ය නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමෙහිලා සමාගම දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් මෙම සම්මාන පිරිනමා ඇති අතර, මෙරට RMC සන්නාමය, තිරසාර හරිත ද්‍රව්‍ය නවෝත්පාදනය සහ තිරසාර නිෂ්පාදන පහසුකම යන අංශවලින් මෙම ඉහළම පිළිගැනීම හිමිවීම විශේෂත්වයකි.
වගකිවයුතු නිෂ්පාදන ක්‍රියාවලීන් සහ නව්‍ය හරිත ද්‍රව්‍ය විසඳුම් හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිසර හිතකාමී ප්‍රමිතීන් ඉහළ නැංවීමට ආයතනය ගෙන ඇති දිගුකාලීන කැපවීම මෙම ජයග්‍රහණය මඟින් මනාව තහවුරු වන බව සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එම්. තයනන්තන් මහතා පෙන්වා දෙයි. ලෝක මට්ටමේ තාක්ෂණය සහ ගෝලීය විශේෂඥ දැනුම මෙරටට මුසු කරමින් ක්‍රියාත්මක වන ටෝකියෝ සිමෙන්ති සමූහය, ජාතිය ගොඩනැගීමේ ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස පරිසර සංරක්ෂණය සහ කාර්මික සංවර්ධනය අතර මනා තුලනයක් පවත්වාගෙන යෑමට කටයුතු කරමින් සිටී.
මෙවැනි ආයතනික සාර්ථකත්වයන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගත තිරසාරභාවය තහවුරු කිරීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන්ටද කදිම පූර්වාදර්ශයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉදිරියේදී මෙරට හරිත ඉදිකිරීම් පිළිවෙත් සහ පාරිසරික වගකීම් සහගත ව්‍යාපාරික භාවිතයන් තවදුරටත් පුළුල් කිරීමට මෙම ජාතික මට්ටමේ ඇගයීම ප්‍රබල පෙළඹවීමක් වනු නොඅනුමානය.














