‘Top Gun’ සහ ‘Alien’ ඇතුළු ජනප්රිය චිත්රපට රැසක රංගනයෙන් ප්රේක්ෂක ආදරය දිනාගත් ප්රවීණ හොලිවුඩ් රංගන ශිල්පී ටොම් ස්කෙරිට් වයස අවුරුදු 93දී අභාවප්රාප්ත වී තිබේ.
1993 වසරේදී ‘Picket Fences’ ටෙලි නාට්ය මාලාවේ ප්රධාන චරිතය වෙනුවෙන් විශිෂ්ටතම ප්රධාන නළුවාට හිමි එමි (Emmy) සම්මානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.
1960 දශකයේ සිට 2020 දශකය දක්වා දශක හයකට වැඩි කාලයක් පුරා විහිදුණු ඔහුගේ රංගන ජීවිතය තුළ සිනමා සහ රූපවාහිනී නිර්මාණ රැසකට දායක වී තිබේ.
1962 වසරේදී ‘War Hunt’ චිත්රපටයෙන් සිනමාවට පිවිසි ස්කෙරිට්, 1970 වසරේ තිරගත වූ ‘MAS*H’ චිත්රපටයේ හමුදා ශල්ය වෛද්යවරයෙකුගේ චරිතය නිරූපණය කරමින් කැපී පෙනුණි. එමෙන්ම, රිඩ්ලි ස්කොට් අධ්යක්ෂණය කළ 1979 වසරේ ‘Alien’ විද්යා ප්රබන්ධ චිත්රපටයේ අභ්යවකාශ යානයේ කපිතාන් ඩලස්ගේ චරිතය ද ඔහු විසින් නිරූපණය කරන ලදී.
ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ, ලෝකය ඔහුව හඳුනාගත්තේ ඔහුගේ විශිෂ්ට රංගන ජීවිතය තුළින් වුවද, තමන්ට ඔහු සමීප වූයේ ඔහුගේ හාස්යය, ප්රඥාව, ත්යාගශීලී බව සහ ආදරය නිසා බවයි.













