27 April 2024
#දේශීය

රත්තොට රිවස්ටන් මාර්ගය අබලන් නිසා සංචාරකයින් අපහසුතාවයක

සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පැමිණෙන රත්තොට රිවස්ටන් මාර්ගය දැඩි ලෙස අබලන් විම නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බව පවසමින් ගම්වාසිහු විශාල පිරිසක් ඊයේ(06)දා උදැසන රත්තොට නගරයේ දි උද්ඝෝෂනයක නිරත විය.

මේ වන විටත් මාතලේ රිවර්ස්ටන් හරහා ලග්ගල මාර්ගය මෙන්ම බී 274 මාර්ගය මහවැලි සංවර්ධන වැඩසටහනේ මොරගහකන්ද කළුගග ව්‍යාපෘතිය මගින් මූල්‍ය කටයුතු සම්පාදනය කිරීම තුළින් කිලෝ මීටර් 25 ක් සංවර්ධනය කර රත්තොට සිට ඉලූක්කුඹුර දක්වා වන මාර්ගය සැකසීම වසර 04 ට අධික කාලයක් කොන්ත‍්‍රාත්කරුවන්ගේ නිසි කළමනාකරණයක් නොමැති නිසා ආපදා සහිත මාර්ගයක් ලෙසට පත්කර ඇති බවත් වාහන ධාවනයට නුසුදුසු තත්වයට පත්ව ඇති බවද උද්ඝෝෂකයින් පැවසිය.

මෙම රවිසටන් කලාපය තුළ පරිසර පද්ධිතය තුළ ඇති මාර්ග පද්ධතියේ තත්ත්වය සංචාරකයින් සඳහා වන රක්‍ෂණ ආවරණය ලබා ගැනීමට අද වනවිට මහත් අපහසුතාවයන්ට පත්වි වී ඇති අතර සංචාරක සංවිධාන, කණ්ඩායම් සිය සංචාරකයින් මෙම රක්‍ෂණ ආවරණයේ ගැටළු තුළ සංචාරකයින් සඳහා වන දුම්බර ගමනාන්තය දුක්බරව අවලංගු කිරිමට සිදුව ඇති බවද රත්තොට සංචාරක කවයේ පිරිස් පැවසිය.

මෙය සංචාරක ව්‍යාපාරයට අතුල් පහරක් බවත් ඒ ශ්‍රේණියේ මාර්ග 2ක් බී ශ්‍රේණියේ මාර්ග 6කින් පිවිසුම් සැකසී ඇති දුම්බර පරිසර පද්ධිතයේ මාර්ග අනාරක්‍ෂිත මාර්ග පද්ධතියක් ලෙසට සංචාරක ව්‍යාපාරය මෙන්ම එහි ප‍්‍රදේශවාසීන්ගේ ජන ජීවිත සංවර්ධනය මුල් කර ගෙන වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍යව ඇති බවත් මේ තත්වය පිළිබදව අදාළ බලධාරින් දැනුවත් කළ බවත් සති අන්තයේ සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ වන විට ප්‍රදේශයට පැමිණෙන බැවින් වහා අවධානය යොමු කර මාර්ගයේ පවතින අවධානම් ස්ථාන සහ මාර්ගය වහා පිළිසකර කිරිමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද උද්ඝෝෂනයේ නිරත පිරිස පැවසුය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *