ශ්‍රී ලංකාව තුළ සිය සේවා ජාලය පුළුල් කිරීමේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් **Toyota Lanka (Pvt) Ltd** කුරුණෑගල ප්‍රදේශයේ නව ශරීර හා වර්ණ ගැන්වීමේ මධ්‍යස්ථානයක් (Body & Paint Center) විවෘත කළ අතර, නව සාමාන්‍ය සේවා පහසුකම් මධ්‍යස්ථානයක් (General Service Facility) සඳහා මුල්ගල් තැබීමද අගෝස්තු 13 වන දින සිදු කරන ලදී.
මෙම නව මධ්‍යස්ථානය හරහා කුරුණෑගල සහ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් වෙත වෘත්තීය මට්ටමේ වාහන අලුත්වැඩියා සහ වර්ණ ගැන්වීමේ සේවාවන් ටොයෝටා ආයතනයේ ගුණාත්මකභාවය, කල්පැවැත්ම සහ ආරක්ෂක ප්‍රමිතීන්ට යටවී ලබා ගැනීමට අවස්ථාව උදා වේ. ඉදිරියට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය සේවා පහසුකම් මධ්‍යස්ථානය මඟින් පාරිභෝගිකයන්ට වඩාත් පුළුල් හා පහසු අභ්‍යන්තර සේවා අත්දැකීමක් හිමි වනු ඇත.
මෙම උත්සවය සඳහා Toyota Lanka සභාපති මසාකි කවාබාටා (Masaaki Kawabata) සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ ටොයෝටා ආයතනය කුරුණෑගල ප්‍රජාව සමඟ ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් ප්‍රදේශයේ සංවර්ධනයට දායක වීමට අපේක්ෂා කරන බවයි. රට පුරා පාරිභෝගිකයන්ට වඩාත් සමීප වෙමින් උසස් සේවා සපයන බව කළමනාකරණ අධ්‍යක්ෂවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















