සේරුනුවර සෝමාවතිය රක්ෂිතය මැදින් ගලා බසින මහවැලි ගඟේ දිය නෑමට ගිය එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ මහින්දපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 34 සහ 35 යන වයස්වල පසුවන මොවුන් සිය පියා සහ තවත් සහෝදරයෙකු සමඟ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී
මේ අතර ඊයේ (14) පස්වරුවේ හබරාදූව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ද දියේ ගිලී මියගොස් තිබේ කටුනායක ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි අවුරුදු 21 සහ 26 යන වයස්වල පසුවන මෙම තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි උත්සව සමයේ මෙවැනි ජලාශ සහ මුහුදු තීරයන්හි දිය නෑමට යාමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී














