කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය මංසන්ධිය ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ යතුරුපැදියක්, කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක සහ ලොරි රථයක ගැටීමෙනි. අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයින් දෙදෙනා වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් මියගොස් ඇත.
මියගිය අය රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි 20 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.














