27 April 2024
#දේශීය

පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් – යුධ හමුදාපති

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවා ඇත බව හෙතෙම පැවසිය. පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙනුයේ සෞඛ්‍ය,කෘෂිකර්ම, ගුවන්තොටුපල , වරාය සහ ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන පිරිස් සඳහා පමණයි.

රාජ්‍ය පුද්ගලික දෙඅංශයේ කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා තිබේ.

පුද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකයක් නොමැති වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ව පොදු ස්ථානවලදී පරීක්ෂා කිරීම ලබන සැප්තැම්බර් 15වන දිනෙන් පසු සිදුකිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *