• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කෙරේ

28 March 2021
in දේශීය

ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු හා පූජනීය ධාතූන්වහන්සේලා තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාදය මධ්‍යයේ අද (28) දින සඳහිරු සෑ පරිශ්‍රයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය සහ සැදැහැවතුන් විසින් පූජා කරන ලද වටිනා නිධන් වස්තු විශාල එකතුවක් සමගින් ස්තූපයේ සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් කර සකස් කරන ලද කැටයම් කළ ශිලා ලේඛනයක් මෙම ඓතිහාසික ආගමික උත්සවයේදී සෑය තුළ තැන්පත් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය මෙහෙයවන නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් මහා ස්ථූපයේ හතරැස් කොටුවේදී පූජනීය ධාතූන් සහිත කරඩුව මහා සංඝයා වෙත පූජා කළේය.

ආගමික වතාවත් මධ්‍යයේ මහා සංඝරත්නය විසින් සියලු පූජනීය ධාතූන්වහන්සේලා හා නිධන් වස්තු තැන්පත් කිරීම සිදුවිනි.

මෙම දැවැන්ත ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කිරීම වෙනුවෙන් පිරිත් දේශනා කිරීමද මෙහිදී සිදුවිය
රන් හා මැණික් ගල් ඔබ්බවා නිර්මාණය කර ඇති අඩි 3.5 ක් උස කොත් වහන්සේ හා චූඩා මාණික්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පල්ලෙගම සිරිනිවාස හිමියන් වෙත ඒ සඳහා බැතිබර දායකත්වය ලබාදුන් ආතර් සේනානායක මහතා විසින් පූජා කරන ලදී. ඉන් අනතුරුව මෙම චූඩා මාණික්‍යය අටමස්ථානාධිපති හිමියන් විසින් ආරක්ෂක ලේකම් වෙත භාර දෙන ලදී.

ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් ද වටිනා නිධන් වස්තු තැන්පත් කරන ලදී.

දැවැන්ත ස්තූපයේ ධාතු ගර්භය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මෙම උත්සවය සංවිධානය කරන ලද අතර අද දින නිධන් වස්තු තැන්පත් කිරීමෙන් පසු හතරැස් කොටුවේ ඉදිකිරීම ආරම්භ කරනු ඇත.

ඒ අනුව සෑයේ පේසා වළලු සහ කොත් කැරැල්ල ඉදිකිරීම, කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය තැන්පත් කිරීම මෙන්ම කැටයම් කටයුතු ද නිම කිරීමටද නියමිතව ඇත.

මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී රාජකිය පණ්ඩිත ආචාර්ය පහමුනේ ධර්මකීර්ති ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද, රජයේ අමාත්‍යවරුන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, නාවික හා ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ බැතිමතුන් හා ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 37
Previous Post

රජඇල අමුණ ප්‍රතිසංස්කරණය කරයි

Next Post

ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි – ක්‍රිඩා ඇමැති කියයි

editor

editor

Next Post

ක්‍රිඩාවේදී ජාත්‍යන්තර මට්ටමට යන්න සිහිතබාගත යුතුයි - ක්‍රිඩා ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved