• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මරණ පරීක්ෂණයටත් කලින් සියදිවි නසාගැනීමක් කිව්වේ කොහොමද

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රබල සැකයක්

4 May 2026
in දේශීය, පුවත්
මරණ පරීක්ෂණයටත් කලින්  සියදිවි නසාගැනීමක් කිව්වේ කොහොමද
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටි තොරතුරු තාක්ෂණ අංශයේ ඉහළ නිලධාරියෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (04) අනාවරණය කළේය.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළ ගම්මන්පිල මහතා, විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ වෛද්‍ය වාර්තාවක් නිකුත් කිරීමටත් පෙර, මෙය සියදිවි නසාගැනීමක් බවට නිගමනය කිරීමට පොලිසිය මෙතරම් ඉක්මන් වූයේ මන්දැයි ප්‍රශ්න කර සිටියේය. “මරණ පරීක්ෂණය කරන්නත් කලින් පොලිසිය කොහොමද සියදිවි නසාගැනීමක් කියලා නිවේදනය කරන්නේ? මේක මරණයක් නෙමෙයි, භාණ්ඩාගාර කොල්ලයේ සාක්ෂි වළලා දැමීමට කළ ඝාතනයක් වෙන්න බැරිද?” යනුවෙන් ඔහු විමසා සිටියේය.
මෙම මියගිය නිලධාරියා භාණ්ඩාගාරයේ දත්ත පද්ධතියේ රහස්‍ය තොරතුරු සහ මෑතකදී සිදුවූ මූල්‍ය හුවමාරු පිළිබඳ වැදගත් සාක්ෂි සතු පුද්ගලයෙකු බවත්, ඔහු මියයාමට පෙර මුදල් ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වී තිබූ බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මරණය හුදෙක් තවත් එක මරණයක් ලෙස බැහැර නොකර, ඒ පිළිබඳව ස්වාධීන සහ විනිවිද පෙනෙන විමර්ශනයක් පවත්වන ලෙසත්, භාණ්ඩාගාරයේ ඉතිරිව ඇති ඩිජිටල් සාක්ෂි වහාම ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ගම්මන්පිල මහතා රජයෙන් ඉල්ලා සිටියේය. සාක්ෂිකරුවන් අතුරුදන් වීම හෝ මියයාම හරහා මෙරට විශාලතම මූල්‍ය වංචාව යටපත් කිරීමට ඉඩ නොදෙන බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
Post Views: 7
Previous Post

මුදල් ලේකම් සාක්ෂි විනාශ කරනවා

Next Post

ලෙබනන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන නබිහ් බෙරී යුද්ධය නතර වන තුරු ඊශ්‍රායලය සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved