ත්‍රිකුණාමලය කතෝලික රදගුරු පදවියට අයත් ගංතලාව මීසමේ මොල්ලිපොතාන සදාසරණ දේවමාතාවන්ට කැප කරන ලද ඓතිහාසික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය, මෙවර “දෙවිඳුනි, අප ඔබ කෙරෙහි සා පිපාසා වෙමු” යන ගැඹුරු ආගමික තේමාව යටතේ ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී. සාම්ප්‍රදායික කොඩි කණුව එසවීම හා විශේෂ දේවමෙහෙය මඟින් මංගල්‍ය කටයුතු ආරම්භ කරනු ලැබූ අතර, ප්‍රදේශයේ සහ අවට බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් ඉතා බැක්තියෙන් යුතුව සිදු කෙරිණි.
ගංතලාව මීසම් සේවක ජෝර්ජ් දිසානායක පියතුමන්, මඩකලපුව පදවි විශේෂ සේවක ජිරෝන් ඩෙයිලිමා පියතුමන් සහ තඹලගමුව මීසම් සේවක එස්. එස්. ජෝර්න් පිල්ලෙයි යන ගරු පියතුමන්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම දිව්‍ය පූජා යාගය පවත්වනු ලැබීය. විවිධ ප්‍රදේශවලින් පැමිණි සංහිඳියාව අපේක්ෂා කරන ජනතාව එක් කරමින්, ආධ්‍යාත්මික සුවය සහ සාමය ප්‍රාර්ථනා කරමින් සිදුකළ මෙම වාර්ෂික මංගල්‍යය, කලාපයේ අන්තර්-ප්‍රජා බැඳියාව සහ ආගමික සංස්කෘතික අනන්‍යතාව තවදුරටත් ඔප්නංවාලීමට ප්‍රබල පිටුබලයක් විය.
මෙවැනි ආගමික මහෝත්සව හරහා ප්‍රදේශයේ ජනතාව අතර සමාජීය සංහිඳියාව, අන්‍යෝන්‍ය අවබෝධය සහ මනස්කාන්ත සාමය වර්ධනය වන අතර, ඉදිරි කාලය තුළත් මෙවැනි සංස්කෘතික හා ආගමික වැඩසටහන් මඟින් ප්‍රජාවන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේවස්ථාන මූලිකත්වයෙන් සංවිධානය කරන ලද මෙම වාර්ෂික සැමරුම, ප්‍රදේශයේ ආගමික ජීවිතය පෝෂණය කිරීමට පමණක් නොව, සංචාරක හා සංස්කෘතිකමය වශයෙන්ද ත්‍රිකුණාමලය ප්‍රදේශයට විශේෂ වැදගත්කමක් එකතු කරන මංපෙතක් බවට පත්ව තිබේ.














