ත්‍රිකුණාමලයේ දැනට භාවිතයට නොගෙන අතහැර දමා ඇති තෙල් ටැංකි 29ක් දිගුකාලීන බදු පදනම මත ආයෝජකයින් වෙත ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගනිමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කර තිබේ.
ත්‍රිකුණාමලය පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් (Trincomalee Petroleum Terminal Ltd) ආයතනය සතුව පවතින තෙල් ටැංකි 61න් 29ක් මෙලෙස බදු දීමට නියමිත අතර, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ඉන්ධන ප්‍රති-අපනයන මධ්‍යස්ථානයක් (Fuel Re-export Hub) පිහිටුවීම ද මෙහි ප්‍රධාන අරමුණයි. ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු තෙල් ටැංකි අතුරින් 2ක් මේ වන විටත් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති අතර තවත් ටැංකි 3ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ.














