ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ජපාන ජයිකා ආයතනයේ ආධාර යටතේ රුපියල් මිලියන 2,403ක වියදමින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් නැගෙනහිර පළාතේ ජනතාවට පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් එකම ස්ථානයකින් ලබාදීම අපේක්ෂා කෙරේ.
මහල් 08කින් සමන්විත මෙම අතිනවීන හෘද රෝග ඒකකයේ ශල්‍යාගාර, බාහිර හා නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් මෙන්ම අංගසම්පූර්ණ විද්‍යාගාර ඇතුළත් වන අතර, එහි ඉදිකිරීම් 2028 මැයි මාසය වන විට අවසන් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.














