ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදය පැනවූ නාවික අවහිරය අද පස්වරුවේ සිට නිල වශයෙන් ක්‍රියාත්මක වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය වයිට් හවුස් පරිශ්‍රයේ සිට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉරානය මේ වන විට ඉතා ඕනෑකමින් ගිවිසුමකට එළඹීමට උත්සාහ කරන බවයි මේ අතර ඇමරිකානු උප ජනාධිපති ජේ ඩී වැන්ස් ඉරාන රජයට චෝදනා කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනයට බාධා කිරීම හරහා ඔවුන් ආර්ථික ත්‍රස්තවාදයක නිරත වන බවයි
ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ ඇමරිකානු අවහිරය පවතින කලාපයට ළඟා වීමට උත්සාහ කරන ඕනෑම ඉරාන ප්‍රහාරක යාත්‍රාවක් ක්ෂණිකව විනාශ කරන ලෙස තමන් නියෝග කර ඇති බවයි බ්‍රිතාන්‍ය නාවික වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය ද කලාපය හරහා ගමන් ගන්නා නෞකාවලට උපදෙස් මාලාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හමුදාමය මැදිහත්වීම් සහ නෞකා පරීක්ෂා කිරීම්වලට මුහුණ දීමට සූදානම්ව සිටින ලෙසයි එහෙත් ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා අවධාරණය කළේ තම රට කිසිදු තර්ජනයක් හමුවේ යටත් නොවන බවයි














