ඇමෙරිකානු ඩොලර් 20 මුදල් නෝට්ටුව සඳහා වහල්භාවයට එරෙහිව සටන් කළ අප්‍රිකානු-ඇමෙරිකානු ක්‍රියාකාරිනියක වූ හැරියට් ටබ්මන්ගේ (Harriet Tubman) රුව ඇතුළත් කිරීමට තිබූ වසර 10ක් පැරණි සැලසුම ක්‍රියාත්මක නොකිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ භාණ්ඩාගාරය මේ මොහොතේ එම සැලසුම සමඟ ඉදිරියට නොයන බවයි. හිටපු ඇමෙරිකානු ජනාධිපති ඇන්ඩෲ ජැක්සන්ගේ රුව වෙනුවට හැරියට් ටබ්මන්ගේ රුව ඩොලර් 20 නෝට්ටුවට එකතු කිරීමේ මෙම ඓතිහාසික සැලසුම මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔබාමා පාලන සමයේදීය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















