ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමික උරුමයන් සැමරීම වෙනුවෙන් ට්‍රම්ප් (Donald Tru#sinhalanewsongs යේ පූර්ණ සහාය ඇතිව වොෂින්ටන්හි (Washington, D.C.) සංවිධානය කර තිබූ දැවැන්ත ආගමික උත්සවයක්, එරට පවතින ආගමික සහ රාජ්‍ය පරිපාලන වෙන්වීම් පිළිබඳ නීතිමය සීමාවන් උල්ලංඝනය කර ඇති බව පවසමින් දේශපාලන හා සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. “Rededicate 250: National Jubilee of Prayer, Praise & Thanksgiving” ලෙස නම් කර තිබූ මෙම පැය නවයක දීර්ඝ වැඩසටහන සඳහා එවැන්ජලිකල් ක්‍රිස්තියානි (Evangelical Christian) සහ කොන්සර්වේටිව් කතෝලික (Conservative Catholic) නායකයන් රැසක් එක්ව සිටි අතර, දහස් සංඛ්‍යාත ජනතාවක් ඒ සඳහා සහභාගී වූහ. ඇමෙරිකාවේ පවතින විවිධ ආගමික සංස්කෘතීන් මෙමඟින් නිරූපණය නොවන බව විවේචකයෝ පෙන්වා දෙති.
රොයිටර්ස් (Reuters) පුවත් සේවයට අනුව, මෙම අවස්ථාව සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance), රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio), ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සහ ජාතික බුද්ධි අධ්‍යක්ෂ ටුල්සි ලැබාර්ඩ් (Tulsi Gabbard) යන ට්‍රම්ප් රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන් වීඩියෝ පණිවිඩ හරහා සම්බන්ධ වී ඇත. එහිදී ඔවුන් ඇමෙරිකාවේ ආරම්භක පියවරුන්ගේ යුදෙව්-ක්‍රිස්තියානි (Judeo-Christian) මුල්වල පවතින වටිනාකම් සහ නිදහස් ප්‍රකාශනයේ අන්තර්ගත ආගමික තේමාවන් පිළිබඳව අදහස් දක්වා තිබේ. දේශපාලන රැලියක සහ ආගමික වන්දනාවක මිශ්‍රණයක් ලෙස පැවැත්වුණු මෙහිදී, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී නොවූවත් ඔහු බයිබලයේ කොටස් ප්‍රකාශ කරන පෙර පටිගත කරන ලද වීඩියෝවක් ප්‍රදර්ශනය කර ඇත. ධවල මන්දිරයේ මැදිහත් වීමෙන් නිර්මාණය කරන ලද ‘Freedom 250’ ආයතනය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, රජයේ අනුග්‍රහය ඇතිව මෙවැනි ආගමික උත්සව පැවැත්වීම ඇමෙරිකාවේ ලෞකික ව්‍යවස්ථාවට (Secular Constitution) සම්පූර්ණයෙන්ම පටහැනි සහ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන “ක්‍රිස්තියානි ජාතිකවාදයක්” (Christian nationalism) ප්‍රවර්ධනය කිරීමක් බව සිවිල් සංවිධාන අවධාරණය කරයි.














