ධවල මන්දිරයේ පැවති රාජ්‍ය භෝජන සංග්‍රහයක් අතරතුර අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවතීමට බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ද කිසිසේත් කැමැත්තක් නොදක්වන බවයි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ බ්‍රිතාන්‍ය රජු සමඟ පැවැති මෙම සාකච්ඡාව ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.
“අපි දැනට මැදපෙරදිග කටයුතු කිහිපයක් කරමින් සිටිනවා. අපේ ප්‍රතිවාදියාට කිසිලෙසකවත් න්‍යෂ්ටික අවි ලබා ගැනීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් චාල්ස් රජු මා සමඟ එකඟ වෙනවා” යැයි ජනාධිපති ට්‍රම්ප් මෙහිදී පවසා ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතා මීට පෙර විවේචන එල්ල කර තිබූ පසුබිමක, රජු සමඟ පැවැත්වූ මෙම හමුව ඉතා තීරණාත්මක එකක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, චාල්ස් රජු සිය දේශනයේදී යුද්ධය පිළිබඳව සෘජු ප්‍රකාශයක් සිදු නොකළ අතර රටවල් අතර සහයෝගීතාවයේ වැදගත්කම පමණක් අවධාරණය කළේය.














