එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට කඩිනමින් නව ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් සිටින අතර, එරට වරායන් වෙත පනවා ඇති අවහිරතාව මාස කිහිපයක් දක්වා දීර්ඝ වුවහොත් ඒ හරහා බලශක්ති වෙළෙඳපොළට සහ පාරිභෝගිකයින්ට සිදුවන බලපෑම අවම කරගැනීම පිළිබඳව ඛනිජ තෙල් සමාගම් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. වොෂින්ටන් සහ ටෙහෙරාන් අතර පවතින ගැටුම නොවිසඳී පැවතීම හේතුවෙන් ඇමරිකාව විසින් ඉරාන තෙල් අපනයනය සීමා කිරීම සඳහා නාවික අවහිරතා දැඩි කිරීමට පියවර ගෙන ඇත.
මේ අතර මැදිහත්කරු වන පාකිස්තානය දෙපාර්ශ්වය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට උත්සාහ දරමින් සිටියි. ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොදෙන බවත්, ඉරානය තම න්‍යෂ්ටික අභිලාෂයන් සාමකාමී බව පවසමින් සිටින බවත්ය. කෙසේ නමුත් මෙම ගැටුම හේතුවෙන් ඉරාන ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති අතර එරට මුදල් ඒකකයේ අගය ද මේ වන විට වාර්තාගත ලෙස පහත වැටී තිබේ.














