දෙරට අතර ඇති වූ තාවකාලික සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා අල් කමේනි සිදුකළ ප්‍රකාශයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි උපහාසාත්මක සහ සැර පිළිතුරක් ලබා දී තිබේ. “ඇමෙරිකාව ඉරානය සමඟ සාම මාවතට පිවිසියේ අපේක්ෂා භංගත්වයට පත්වීමෙන්” යැයි ඉරාන උත්තරීතර නායකයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සිය නිල ‘ටෲත්’ (Truth Social) සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ සැබවින්ම අපේක්ෂා කඩවී ඇත්තේ ඉරානයේ මිස ඇමෙරිකාවේ නොවන බවයි. එමෙන්ම “ඔවුන් දැන් ඉවරයි – අපි මේ දින 60 ප්ලේ කරමු” යනුවෙන් පවසමින් ට්‍රම්ප් ඉරාන නායකත්වයට විවෘත වාග් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.
















