චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන මහත්වරුන් සමඟ ත්රිපාර්ශ්වික හමුවකට සහභාගී වීමට තමා විවෘතව සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇත.
ධවල මන්දිරය අසලදී මාධ්ය වෙත අදහස් දක්වමින් ට්රම්ප් සඳහන් කර ඇත්තේ, මෙම හමුව න්යෂ්ටික අවි සහ නිශ්ශ්රීකකරණය (Denuclearization) පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කේන්ද්රගත විය හැකි බවයි. ෂී ජින්පිං ජනාධිපතිවරයා කැමති නම් තමාද එම සාකච්ඡාවට එක්වන බව හෙතෙම පවසා තිබේ. මීට පෙර ක්රෙම්ලීන මාලය සඳහන් කර තිබුණේ, එළඹෙන මස චීනයේ පැවැත්වෙන APEC සමුළුව අතරතුර මෙම නායකයන් තිදෙනාගේ හමුවක් පවත්වන ලෙස සාකච්ඡා වී ඇති බවයි.














