බලංගොඩ ආනන්ද මෛත්රෙය මහා නායක ස්වාමීන්ද්රයන් වහන්සේ භාවිත කළ උපභෝග-පරිභෝග වස්තු සහ පතපොත අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැති අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ බලංගොඩ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් නිරීක්ෂණ චාරිමාවකටද එක්ව තිබේ. නිවිතිගල අනෝම හිමියන්ගේ ඉල්ලීම මත, නාහිමියන්ගේ පතපොත සහ භාණ්ඩ කඩිනමින් සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛനാරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති අතර, 1992 වර්ෂයේ සිට කිසිදු ප්රතිසංස්කරණයකට ලක් නොවූ නාහිමියන් වැඩ විසූ කුටි සංකීර්ණය සහ වත්මන් පුස්තකාල ගොඩනැඟිල්ල උපයෝගී කරගනිමින් විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.














