ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, තෙල් හා ගෑස් නිෂ්පාදන කර්මාන්තයට අදාළ මීතේන් විමෝචන නීති ලිහිල් කිරීමේ සැලැස්මක් ප්රකාශයට පත් කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ටෙක්සාස් ප්රාන්තයේ මැතිවරණ ප්රචාරක සංචාරයක නිරත වන අතරතුර මෙම සැලැස්ම ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්ධන මිල පහත හෙළීමට තම පරිපාලනය කටයුතු කරන බව ඡන්දදායකයන්ට පෙන්වීම මෙම පියවරේ අරමුණක් බව වාර්තාවේ සඳහන් වේ.
ඉරානය සමඟ පවතින යුද ගැටුම හේතුවෙන් ඉන්ධන මිල සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂයට දේශපාලන පීඩනයක් එල්ල වී ඇති පසුබිමක මෙම පියවර ගැනීමට ට්රම්ප් සූදානම් වන බව රොයිටර් වාර්තාව පෙන්වා දෙයි.
මෙම සංචාරයේදී ට්රම්ප්, රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් අපේක්ෂක කෙන් පැක්ස්ටන්ට සහාය පළ කරමින් කෝපස් ක්රිස්ටි සහ ලුබොක් යන ප්රදේශවල පැවැත්වෙන රැලිවලට සහභාගී වීමට නියමිතය. ඔහුගේ ප්රතිවාදියා වන ඩිමොක්රටික් අපේක්ෂක ජේම්ස් ටලරිකෝ සමඟ පැක්ස්ටන් තියුණු තරගයක නිරතව සිටින බව ද වාර්තාවේ දැක්වේ.
මීතේන් යනු ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වන ප්රබල හරිතාගාර වායුවකි. තෙල් හා ගෑස් කර්මාන්තය එහි විමෝචනයට දායක වන ප්රධාන අංශයක් වන අතර, මීතේන් කාන්දුවීම් පාලනය කිරීම සඳහා පවතින නීති ලිහිල් කිරීම පාරිසරික ප්රතිපත්ති සම්බන්ධයෙන් ද අවධානයට ලක්වනු ඇත.
















