ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක ඇමෙරිකානු මැදවාර මැතිවරණයට (Midterm elections) පෙර අවසන් මාසය තුළ ප්‍රධාන තරගකාරී ප්‍රාන්ත රැසක සංචාරය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරත වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.
Reuters/Ipsos අලුත්ම ජනමත විමසුමකට අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවය 33% දක්වා පහත බැස ඇති පසුබිමක, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂයට හිමි පටු බහුතරය රැකගැනීම සඳහා ඔහු මෙලෙස සක්‍රීයව මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට පියවර ගෙන තිබේ. මැතිවරණයට පෙර අවසන් දින 30 තුළ ඇලස්කාව ඇතුළු ප්‍රාන්ත රැසක සංචාරය කරමින් සෙනෙට් මණ්ඩලයේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අපේක්ෂකයින් වෙනුවෙන් ප්‍රචාරක රැස්වීම් අමතන බව ඕවල් කාර්යාලයේදී (Oval Office) මාධ්‍යවේදීන් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසීය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















