මැදපෙරදිග සහ යුක්රේන යුද උණුසුම මධ්‍යයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විනාඩි 90කට අධික කාලයක් පුරා විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. රුසියානු ජනාධිපති මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යූරි උෂාකොව් විසින් මෙම ඇමතුම ස්ථිර කර ඇත.
මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය පිළිබඳව වැඩි අවධානයක් යොමුවී තිබේ. ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප් ගත් තීරණය පුටින්ගේ අගය කිරීමට ලක්වුවද, ඉරානයට එරෙහි යුදමය ප්‍රහාරවල විනාශකාරී ප්‍රතිවිපාක පිළිබඳව ඔහු එහිදී අනතුරු අඟවා ඇත. ඉරාන ප්‍රශ්නය විසඳීමට පෙර යුක්රේන යුද්ධය නතර කරන ලෙස ට්‍රම්ප් පුටින්ට අවධාරණය කර ඇති අතර රුසියානු විජයග්‍රහණ සැමරුම් දිනය වෙනුවෙන් යුක්රේනයේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට පුටින් කළ යෝජනාවට ට්‍රම්ප් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබේ.
මීට අමතරව ට්‍රම්ප් ඝාතනය කිරීමට ගත් උත්සාහය පිළිබඳව පුටින් සිය කනගාටුව පළ කර ඇති අතර දෙරට අතර ආර්ථික සහ බලශක්ති ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී ඇත. යුද්ධය අවසන් කළ හැකි ගිවිසුමකට ඉතා ආසන්න බව ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කර තිබේ.














