ඉරානය විසින් ඉදිරිපත් කරනු ලැබූ නව සාකච්ඡා යෝජනාව සම්බන්ධයෙන් තමන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.
එම යෝජනාව තුළ පවතින කොන්දේසි සහ යෝජනා අමෙරිකාවේ ස්ථාවරයට අනුකූල නොවන බවත්, ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැඩි වෙනස්කම් සිදුකළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි. කලාපීය ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති සැපයුම කෙරෙහි බලපාන මෙම ගැටළුව විසඳීම සඳහා වඩාත් විනිවිද පෙනෙන සහ විශ්වාසදායක යෝජනා අවශ්‍ය බව ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරයි.














