උතුරු කොරියාව සතුව බලවත් න්‍යෂ්ටික ආයුධ 57ක් ඇති බව බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. කිම් ජොන් උන් සමඟ පවතින සබඳතා ගැන පැහැදිලි කළ අවස්ථාවකදී ට්‍රම්ප් මාධ්‍ය හමුවේ මෙම අනාවරණය කළේය.
නැවතත් උතුරු කොරියා නායකයා හමුවීමට සූදානම් බව ප්‍රකාශ කළ ට්‍රම්ප්, මේ වසර අවසානයේදී ඔහු හමුවීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සමුළුවට සහභාගී වීමට චීනයට යන අතරතුරදී මෙම හමුව සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කිම් ජොන් උන් සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමේ අරමුණින්, දකුණු කොරියාව සහ ඇමෙරිකා හමුදාව ඒකාබද්ධව පවත්වන වාර්ෂික යුද අභ්‍යාස සීමා කරන බවද ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේය.














