ඉරානයට චීනය සහ රුසියාව කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන බව තමන් විශ්වාස නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
සිය Truth Social සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් ට්රම්ප් සඳහන් කර ඇත්තේ, ඉරානයට සහාය ලබාදීමෙන් මොස්කව් සහ බීජිං පාලනවලට අහිමි වීමට බොහෝ දේ ඇති බවයි. කෙසේ වෙතත්, එවැනි සහායක් ලබාදෙන්නේ නම් එය ඉතා සීමිත මට්ටමකින් සිදුවිය හැකි බවද ඔහු පවසා තිබේ.
එවැනි සහායක් ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව අමෙරිකාවට ඉතා ඉක්මනින් දැනගත හැකි බවද ට්රම්ප් අවධාරණය කර ඇත. මීට පෙරද ඔහු ප්රකාශ කර තිබුණේ චීනය සහ රුසියාව ඉරාන යුද්ධයට මැදිහත් වුවහොත් එය එම රටවලට අහිතකර වනු ඇති බවයි.
මේ අතර, රුසියාව සහ චීනය ඉරානය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන අතර, ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්රහාර එරට ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවට චීනය චෝදනා කර තිබේ. මැදපෙරදිග කලාපයේ න්යෂ්ටික අවි තරගයක් ඇතිවීමේ අවදානම පිළිබඳවද රුසියාව අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.














