තුර්කියේ අන්කාරා නුවර පැවැති නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුව නිම කරමින් පැවැති මාධ්‍ය හමුවේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසා ඇත්තේ දෙපාර්ශවය අතර හමුදා ප්‍රහාර හුවමාරු වුවද, ඉරානය සමඟ මහා පරිමාණයේ යුද්ධයක් (Full-fledged conflict) ඇති නොවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. “මම හිතන්නේ නැහැ මේක ආයෙත් පටන් ගනියි කියලා. හැමදේම ඉතා ඉක්මනින් ඉවර වේවි. ඔවුන් අපේ නැව් කිහිපයකට ගැහුවා, ඉතින් අපි ඔවුන්ට ඊට වඩා ගොඩක් රිදෙන්න ගැහුවා” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පැවසීය. කලාපයේ සිදුවන ඕනෑම දෙයක් ඉතා ඉක්මනින් අවසන් වන අතර එය තෙල් ප්‍රවාහන කටයුතුවල ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට හේතු වනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















