එක්සත් ජනපදයේ උපත් අයිතිය (birthright citizenship) තවදුරටත් සීමා කිරීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට මාසයකට පෙර ඔහුගේ මූලික උත්සාහයන් ප්‍රතික්ෂේප කරනු ලැබූ පසුබිමක් තුළ මෙම පියවර ගෙන ඇත.
ස්වයංක්‍රීය පුරවැසිභාවයට නුසුදුසු පුද්ගලයින්ගේ අර්ථ දැක්වීම් පුළුල් කිරීම සහ ‘උපත් සංචාරක ව්‍යාපාරය’ (birth tourism) සම්පූර්ණයෙන්ම තහනම් කිරීම මෙම නව නියෝග මඟින් සිදු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු මතු වූ තත්ත්වයන් මත පදනම්ව, ඇමරිකානු පුරවැසිභාවය ලබා දීමේ ක්‍රමවේදය දැඩි කිරීමට කටයුතු කරන බව ධවල මන්දිර නිලධාරීහු සඳහන් කරති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













