ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ දැඩි ආරක්ෂාවක් සහිත ‘Pickaxe Mountain’ න්‍යෂ්ටික මධ්‍යස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකිරීමට නියමිත ප්‍රහාරයක් පිළිබඳව සිදුකර ඇති අනතුරු ඇඟවීම හේතුවෙන් ලෝක දේශපාලන කරළිය උණුසුම් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම න්‍යෂ්ටික මධ්‍යස්ථානය මුළුමනින්ම විනාශ කර දැමීමට තමන් සූදානම් බව ජනාධිපති ට්‍රම්ප් ඉතා දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ කර ඇත. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුවහොත් එය අවම වශයෙන් සති දෙකක සිට තුනක කාලයක් පුරා පැවතිය හැකි බවටද අනතුරු අඟවා තිබේ.
මෙම ප්‍රකාශයත් සමඟ මධ්‍යම පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයන් අනතුරු අඟවයි. සිදුවීමට නියමිත මෙම දැවැන්ත ප්‍රහාරය කලාපයේ බලතුලනයට සහ ලෝක සාමයට කෙතරම් දුරට බලපෑම් කරනු ඇත්ද යන්න පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව ඇත.
















