ඉරානය සමඟ පවතින ගැටුමට චීනය හෝ රුසියාව මැදිහත් වන්නේ නම් එය එම රටවලට “ඉතා අහිතකර ලෙස බලපානු ඇති” බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් දැඩි ලෙස අවවාද කරයි.
තමා අලුතින් හඳුන්වා දුන් Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්රම්ප් කියා සිටියේ, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මෙන්ම රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින් ද ඉරානයට කිසිදු ලෙසකින් ආයුධ අලෙවි නොකරන බවට තමා හමුවේ ප්රතිඥා දී ඇති බවයි. චීනය හෝ රුසියාව වර්තමාන ඉරාන ගැටුමට සෘජුව සහභාගී වන බව තමා විශ්වාස නොකරන නමුත්, යම් ලෙසකින් එවැනි මැදිහත්වීමක් සිදුවුවහොත් එය එම රටවල අභිලාෂයන්ට බරපතල ලෙස හානි පමුණුවනු ඇති බව ට්රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














