රුසියාවේ කළු මුහුද ආශ්‍රිත ටුවාප්සේ (Tuapse) වරාය ඉලක්ක කර යුක්රේනය අද (16) එල්ල කළ දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයකින් අවුරුදු 5 සහ 14 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය ආණ්ඩුකාර වෙනියමින් කොන්ඩ්‍රටිව් ප්‍රකාශ කරයි. ප්‍රහාරය හේතුවෙන් වරාය ආශ්‍රිත කර්මාන්තශාලා කිහිපයකට සහ නේවාසික නිවාස රැසකට ද දැඩි හානි සිදුව ඇති බව ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ප්‍රහාරය රුසියාවේ ප්‍රධාන පෙළේ තෙල් පිරිපහදු සහ අපනයන මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූවක් බව වාර්තා වන අතර, සිද්ධියෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබේ. යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි මෙම උපායමාර්ගික නගරයට එල්ල වූ මෙම ප්‍රහාරය රුසියානු බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ තවත් ප්‍රබල ප්‍රහාරයක් ලෙස සැලකේ.














