• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සමලිංගික මගීන් රැගත් නෞකාවකට තුර්කියෙන් සහ ඊජිප්තුවෙන් තහනම් නියෝග

11 July 2026
in පුවත්, විදෙස්
සමලිංගික මගීන් රැගත්  නෞකාවකට  තුර්කියෙන් සහ ඊජිප්තුවෙන්  තහනම් නියෝග
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
LGBTQ+ ප්‍රජාව රැගත් මගී නෞකාවකට තුර්කි මුහුදු සීමාවට ඇතුළුවීම තහනම් කිරීමෙන් දින කිහිපයකට පසු, ඊජිප්තුවට ඇතුළුවීම ද බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඇතන්ස් සිට වැනීසිය දක්වා දින 10ක සංචාරයක නිරත වන මෙම නෞකාවට ඇතුළුවීම තුර්කිය විසින් මුලින්ම වළක්වන ලද්දේ, ඔවුන්ගේ සමාජ ව්‍යුහයට සහ සාරධර්මවලට නොගැලපෙන කණ්ඩායමක් එහි ගමන් කරන බව පවසමිනි. ඉන් අනතුරුව, ඊජිප්තු බලධාරීන් ද කිසිදු නිල හේතුවක් ප්‍රකාශ නොකරමින් ඇලෙක්සැන්ඩ්‍රියා වරායට නෞකාව ඇතුළුවීම තහනම් කර ඇත.
වර්ජින් වොයේජස් (Virgin Voyages) සමාගමට අයත් ‘ස්කාර්ලට් ලේඩි’ (Scarlet Lady) නැමති මෙම නෞකාවේ මගීන් 2,000ක් පමණ ගමන් කරන අතර, ඒ අතර ප්‍රවීණ බ්‍රෝඩ්වේ රංගන ශිල්පිනියක වන 77 හැවිරිදි පැටි ලුපෝන් (Patti LuPone) ද වෙයි. නෞකාවට ඊජිප්තු මුහුදු සීමාවට ඇතුළුවීමට අවසර නොලැබුණු බවත්, ඒ වෙනුවට විකල්ප වරායන් වෙත ගමන් කිරීමට සිදුවන බවත් මගීන් අවදි වීමට පෙර ඔවුන්ගේ කුටි වෙත ලිපියක් මගින් යොමු කර තිබුණි. මෙම සංචාරය සංවිධානය කළ ඇට්ලන්ටිස් ඉවෙන්ට්ස් (Atlantis Events) ආයතනයේ ප්‍රධානී රිච් කැම්බල් ප්‍රකාශ කර සිටියේ, පසුගිය වසර 25 පුරාවට කිසිදු ගැටලුවකින් තොරව 13 වතාවක් තම ආයතනය තුර්කිය වෙත මෙවැනි සංචාර සංවිධානය කර ඇති බැවින් මෙම හදිසි තීරණය පිළිබඳව තමන් දැඩි ලෙස පුදුමයට පත්වන බවයි.
මෙම තහනම ඉවත් කරගැනීම සඳහා තුර්කියේ එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා ගත් උත්සාහයන් ද අසාර්ථක වී තිබේ. ඒ අනුව නෞකාව මේ වන විට සිය ගමන් මාර්ගය වෙනස් කර ඇති අතර, එය ග්‍රීසියේ ක්‍රීට් දූපතේ චානියා වෙත සහ මොන්ටිනිග්‍රෝ වෙත සේන්දු වීමට නියමිතව ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් නෞකාවේ ගමන් කරන මගීන් කනස්සල්ල පළ කර ඇතත් ඔවුන් නොසැලෙන බව ද ප්‍රකාශ කර තිබේ. රංගන ශිල්පිනී පැටි ලුපෝන් පවසා ඇත්තේ තමන් මෙම තීරණය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටියද නෞකාවේ සිටින පිරිස වෙනුවෙන් සිය රංගනයන් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි. එසේම අදාළ රටවලට තම සංචාරක ව්‍යාපාරය අවශ්‍ය නොවේ නම්, වෙනත් ස්ථානයක සිය කාලය සහ මුදල් වැය කරමින් සතුටු වීමට සූදානම් බව මගීන් වැඩිදුරටත් සටහන් කර තිබේ.
Post Views: 8
Previous Post

ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාව වෙනුවෙන් ඉන්දියාව සහ නවසීලන්තය අතර නව ගිවිසුමක්

Next Post

හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ බරපතළ වැරැද්දක්

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ  බරපතළ වැරැද්දක්

හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ බරපතළ වැරැද්දක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved