තුර්කියේ කහරාමන්මාරස් (Kahramanmaras) ප්‍රදේශයේ අයිසර් චාලික් (Ayser Calık) ද්විතීයික පාසලේ අද (15) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මියගිය පිරිස අතර සිසුන් තිදෙනෙකු සහ එක් ගුරුවරයෙකු වන අතර තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
තුර්කි මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම පාසලේම 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු විසිනි. ඔහු සිය පියා සතු ගිනිඅවියක් පාසල් බෑගයක සඟවාගෙන විත් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, ප්‍රහාරය එල්ල කළ ශිෂ්‍යයා ද මෙහිදී මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළ තුර්කියෙන් වාර්තා වූ දෙවන පාසල් වෙඩි තැබීමේ සිදුවීම මෙය වන අතර, ආරක්ෂක අංශ මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර විමර්ශන ආරම්භ කර තිබේ.















