බ්රහ්මණවත්ත, හරස්පොළ ධීවර වරාය ආසන්නයේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීතිවිරෝධී ලෙස අල්ලාගත් බවට සැක කෙරෙන පොකිරිස්සන් 20ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 34 වැනි වගන්තිය සහ ඔක්තෝබර් මාසය තුළ පොකිරිස්සන් ඇල්ලීම තහනම් කරන රෙගුලාසි උල්ලංඝනය කළ බවට සැකපිට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් පොකිරිස්සන් වැඩිදුර විමර්ශන හා නීතිමය ක්රියාමාර්ග සඳහා භාරයට ගෙන ඇත.
නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සහ මෙරට සාගර සම්පත් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
















