27 April 2024
#දේශීය

‘‘ඊ-ස්වාභිමානී’’ සම්මානලත් නව නිපැයුම් දෙකක් ‘2021 World Summit Awards ’ අවසන් වටයට

ඊ – ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් දේශීය සම්මාන ලාභීන් දෙදෙනෙක්, 2021 World Summit Awards අන්තර් ජාතික සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශවී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

නව නිපැයුම් ඇගයුමට ලක්කෙරෙන ලෝක සම්මාන උළෙලේ අවසන් වටයට තේරීපත්ව ඇත්තේ Coco Remedy සහ Olai Shop යන නව නිපැයුම් දෙකයි. රටවල් 85 කින් ඉදිරිපත්වූ අපේක්ෂකයින් 377 කට අධික සංඛ්‍යාවකින් ‘තරුණ නවෝත්පාදකයින් කාණ්ඩය’ යටතේ මෙම සම්මාන නිර්දේශවී ඇත .

Coco Remedy යනු පොල් රෝග සහ පළිබෝධ ආක්‍රමණය පිළිබඳ නිරීක්ෂණ සහ හඳුනාගැනීම් සපයන ශ්‍රී ලංකාවේ පළමු ජංගම සහ වෙබ් පාදක යෙදුමයි. පොල් වගාව විනාශ කරන වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය (WCLWD) සහ පොල් දළඹු උවදුර (CCI) කළමනාකරණය කිරීමට Coco Remedy ජංගම සහ වෙබ් පාදක මෘදුකාංග භාවිතා කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *