ගිරිබාව පොලිස් වසමේ, පැරකුම්පුර සිට ඔරුගල හරහා තඹුත්තේගම මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර ඊයේ (08) උදෑසන යාය 02 ප්‍රදේශයේදී සිදුව ඇති අතර, එහිදී යතුරුපැදි දෙකෙහි ගමන් කළ පැදිකරුවන් දෙදෙනාට අමතරව පසුපැදිකාරියක් සහ අවුරුදු 07ක දරුවෙකුද තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් පැරකුම්පුර රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරු කර යැවූ අනෙක් පැදිකරුද පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයන් බඹරේ සහ පැරකුම්පුර ප්‍රදේශවල පදිංචි 28 සහ 63 හැවිරිදි වියේ පසුවූවන් බව පොලිසිය තහවුරු කරයි. අනතුර සම්බන්ධයෙන් ගිරිබාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














