27 April 2024
#දේශීය

සුනාමි සැමරුම් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

2004 වර්ෂයේ සිදු වු සුනාමි ව්‍යවසනයෙන් මිය ගිය මහජනතාව සිහිපත් කරමින් හෙට (26) දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාව දැනුම්දෙයි.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වනදා සිට ජාතික සුරක්ෂිත දිනය ලෙස අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ වෙනුවෙන් හෙට දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *