27 April 2024
#දේශීය

බුද්ධි අංශ තොරතුරක් මත තල්මස් අම්බරු ළඟ තබා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ගන්දර, සරණපාල මාවත දෙවුන්දර පිහිටි නිවසක තල්මස් අම්බරු ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

යුද හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (20) දහවල් සිදු කල වැටලීමකදී තල්මස් අම්බරු කිලෝ 6 යි ග්‍රෑම් 380 ක් හා විද්‍යුත් තරාදියක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ක් හා 34 ක් වු මිරිස්ස හා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (21) අද දින කොටවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම තල්මස් අම්බරු ජාවාරමේ ප්‍රධාන සැකකරු පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම මාතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *