මීගමුව බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා සිටි රැඳවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.මීගමුව බන්ධනාගාරයෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා සිටි රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා සිටි තවත් රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
















