27 April 2024
#ක්‍රීඩා

එංගලන්තය පිල පරදවා ශ්‍රී ලංකා පිල ජය ගනි

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 27 වන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඊයේ (21) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.

ඒ අනුව පන්දු වාර 50ට ශ්‍රී ලංකාව ලකුණු 232/9 ක් ලබාගත්තා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85යි. ආබාදයකින් පසු යළි කණ්ඩායමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලකුණු 212 කට සියලු දෙනා දැවී ගියා. පන්දු යැවීමෙන් ලසිත් මාලිංග කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් කඩුලු 2යි. තරගයේ වීරයා ලසිත් මාලිංග.

Leave a comment

Your email address will not be published. Required fields are marked *