22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස වෙනස් කිරීම ජනමත විචාරණයකට යොමු කළ යුතු නැතැයි ආණ්ඩුව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (04) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් වීම, තමන්ගේ නඩුවේ තමන්ම විනිසුරුවරයෙකු නොවිය යුතු වීම සහ යුක්තිය ඉටු වන බව විද්‍යාමාන විය යුතු වීම යන නීතිමය මූලධර්ම සහ නඩු තීන්දු පදනම් කරගනිමින් මෙම සංශෝධනය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට ලක් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට කටයුතු කළ මාලිමා මන්ත්‍රීවරුන් 152 දෙනාගේ ක්‍රියාකලාපය නිසා මහර බන්ධනාගාරයේද එවැනිම ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බව හෙතෙම සඳහන් කළේය. බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා තුෂාර උපුල්දෙනිය මහතා නැවත සේවයේ පිහිටුවීම, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම, පුරප්පාඩු පිරවීම සහ මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පිරිස් සඳහා ඇප ලබා දීමට අවශ්‍ය ක්ෂණික පියවර ගන්නා ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.














