පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහා දේවී උද්යානය ඉදිරිපිට පැවති සත්යග්රහයට එරෙහිව කොළඹ මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අදාළ නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇති බව වාර්තා වේ.
කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ කොළඹ මහේස්ත්රාත්වරයා ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.















