උගන්ඩාව තුළ මෑතකදී ව්‍යාප්ත වූ ඉබෝලා (Ebola) වෛරස් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බැවින් රට තුළ ඉබෝලා වෛරසය නොමැති බව (Ebola-free) එරට සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස් බරියොමුන්සි (Chris Baryomunsi) මහතා අඟහරුවාදා (28) ප්‍රකාශ කළේය.
මැයි මාසයේදී ආරම්භ වූ මෙම ව්‍යාප්තියෙන් පුද්ගලයන් 20 දෙනෙකු රෝගී වූ අතර ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. වෛරසය වැළඳුණු අවසන් රෝගියා සුවය ලබා නිවසට යැවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුව දින 42ක නිරීක්ෂණ කාලසීමාව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් ආරම්භ වූ මෙම ව්‍යාප්තිය, උගන්ඩාවේ කාර්යක්ෂම සෞඛ්‍ය පද්ධතිය සහ පූර්ව අත්දැකීම් හේතුවෙන් සමාජය තුළ පැතිරයාම වැළැක්වීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.














